Latest News and Updates
වියළි කාලගුණය හේතුවෙන් වන සතුන්ට බවුසර් මගින් ජලය
වියළි කාලගුණය හේතුවෙන් වනෝද්‍යාන වල සතුන්ට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර තිබේ. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සඳහන් කළේ යාල, විල්පත්තුව, කුමන, බූන්දල යන ජාතික වනෝද්‍යාන සඳහා ජලය ලබාදෙන බවයි. ඊට අමතරව යාල වනෝද්‍යානයේ ඇති සෝලා මගින් ජලය ලබාදීම සිදු කරන බවද...
ජනපති නීතිඥ සංගමය හෙට කැඳවයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට (12 වැනිදා) දහවල් පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඊයේ (10 වැනිදා) දැනුම් දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස...
ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,306ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට දිවයින පුරා ඩෙංගු මරණ 65ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ. වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූලි...
පාස්පෝට් කාර්යාලයේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (11) පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී තිබේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක ජනරාල් චමින්ද...
මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුවී තිබේ. ඒ, එම මෙහෙයුම් සභාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන...
බන්ධනාගාර ගැටුම්වල දේපළ හානිය මිලියන 255කට අධිකයි
මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණ වී තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රටම එකට ජාතික මෙහෙයුම් සභාව අද (10)...
කොලොම්බියාවට ප්‍රබල භූකම්පනයක්
කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් තිබේ. භූකම්පනයෙන් පේරෙයිරා නගරයේ පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, කඩා වැටුණු ගොඩනැගිලි තුළ තවත් පිරිසක් සිරවී සිටින බව එහි නගරාධිපතිවරයා සඳහන් කර ඇත....
දෙහිවල, කඩවත පාරේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට
දෙහිවල, කඩවත පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහා කිරීමේ සිදුවීමට අදාළව එහි වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරු...
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ මුලතිවූ දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ...
උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතය. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310...
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ නිවාඩු
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ. කොළඹ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ...
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළුවන බවට අනතුරු ඇඟවීම්
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක් සිදුකර තිබේ....
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම එහි උපරිම ධාරිතාව වෙත ළඟා වීම හේතුවෙන්, අද (09) පස්වරු 7.00ට ජලාශයේ වාන් දොරටු සුළු වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය (කොත්මලේ) නිවේදනය කළේ, මෙම වාන් දොරටු හරහා...
උසස් පෙළට සියල්ල සූදානම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට(10) ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. සැප්තැම්බර් 05 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි. විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් පැයකට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි...
ලෝක ප්‍රසිද්ධ ‘Green Boots’ අභිරහස එළියට
එවරස් කඳු මුදුනේ හිම අතර වසර 30ක් පුරා ගල්වී සිටි "ග්‍රීන් බූට්ස්" (Green Boots) නමින් ලෝක ප්‍රසිද්ධ වූ මළ සිරුර මව්බිමට ගෙන ඒම සඳහා ඉන්දියාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 1996 වසරේදී එවරස්ට් තරණය කිරීමේදී මියගිය ඉන්දියානු කඳු නගින්නෙකුගේ ලා කොළ පැහැති කඳු නගින...
බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සේනක පල්ලේතැන්න මහතා පත් කරයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සේනක පල්ලේතැන්න මහතා පත් කර තිබේ. අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇත. ඒ මහතා මීට පෙර මහර බන්ධනාගාර අධිකාරී සහ පුහුණු අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබේ. සේනක පල්ලේතැන්න මහතා ගාල්ල රිච්මන් විද්‍යාලයේ ආදි...
විනිසුරු විශ්‍රාම වයස ඇතුළත් 22වන සංශෝධනය ගැසට් කෙරේ
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස්...
2027 ජාතික අයවැය උදෙසා ‘Budget Proposal Hub’ ආරම්භ වෙයි!
ජාතික අයවැයකරණය සහ මහජන සහභාගීත්වයේ නව ප්‍රවේශය 2027 ජාතික අයවැය වෙනුවෙන් මහජන යෝජනා සෘජුවම රජයේ අවධානයට යොමු කිරීමේ අරමුණින් වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් ආරම්භ කරන ලද 'Budget Proposal Hub' ඩිජිටල් වේදිකාවේ දෙවන අදියර ක්‍රියාත්මක කර තිබේ. ජාතික අයවැය...
2030 ඩිජිටල් අපනයන ඉලක්කයට AI තාක්ෂණයෙන් තර්ජනයක්
ආකෘතික පරිවර්තනය සහ AI තාක්ෂණයේ බලපෑම 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක ඩිජිටල් අපනයන ආදායමක් ළඟා කර ගැනීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කයට ආර්ථික අස්ථාවරත්වයටත් වඩා ප්‍රබල අභියෝගයක් ලෙස කෘත්‍රිම බුද්ධිය (AI) මතුවෙමින් පවතින බව රජයේ සහ ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පෙන්වා දෙති....
හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වැසෙයි
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි. පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සහ අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් වසා තැබීමට ඊයේ...
අධික වැසි සහ සුළං හමුවේ දිස්ත්‍රික් 4කට නායයෑම් අනතුරු ඇඟවීම්
හැටන් සහ නුවරඑළිය පාසල් වසා තැබීමේ තීරණය විදුහල්පතිවරුන්ට පවරයි: ප්‍රධාන ගංගා ආශ්‍රිත පහත්බිම් සඳහා ගංවතුර අවදානමක් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් සහ පාසල් පාලනය දිවයින පුරා පවතින තද වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක් සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික...
ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
ආහාර ද්‍රව්‍ය සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හමුවේ මහ බැංකු ඉලක්කය අඛණ්ඩව සිව්වන මාසයටත් ඉක්මවයි උද්ධමන අනුපාතිකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමනය 2026 ජූලි මාසය වන විට 7.3% දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තා...
අධිකරණ පද්ධතියේ සංශෝධනයට නීතිපති අනුමැතිය…
විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළට: අභියාචනා සහ මහාධිකරණ විනිසුරු ධුර සංඛ්‍යාවත් වැඩි කෙරේ නඩු ප්‍රමාදය වැළැක්වීමට නව අධිකරණ සංකීර්ණ, අල්ලස් නඩු සඳහා විශේෂ ශාලා සහ රස පරීක්ෂක ශක්තිමත් කිරීම් නෛතික අනුමැතිය සහ ව්‍යවස්ථාපිත සංශෝධන ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ...
අරලියගහ මන්දිරයේ පැවැති “නැණ ඉසුර – 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක්
5 වසර සමත් සිසුන් 460 දෙනෙකුට උසස් පෙළ දක්වා ශිෂ්‍යත්ව ලබාදීමට ගංගාරාම අරමුදලෙන් පියවර ශිෂ්‍යත්ව ප්‍රදානය සහ ගංගාරාම මෙහෙවර අධ්‍යාපනය යනු සෑම දරුවෙකුටම හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිසක් කිසිසේත්ම වරප්‍රසාදයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ...























